hit counter

2025 මැයි මස 09 වන සිකුරාදා

2024 දෙසැම්‍බර් 26, පෙ.ව. 12:04



ඕනෑම බොරුවක් ඇත්තක් යැයි කී විට පිළිගන්නේ නම් එය ජනතාවගේ අවබෝධයේ තරම බව අමාත්‍ය වසන්ත සමරසිංහ පවසයි.

ඕනෑම කෙනෙකුට අනෙකා පිළිගන්නා තාක් බොරුවක් වුව කිව හැකි බව ද ඔහු සඳහන් කරයි.

උතුරේ කොටි නැගිටිනවා යැයි පරණ පින්තූර දමා කියන විට පිළිගැනීමට ජනතාවට අයිතියක් ඇති බවත් ආණ්ඩුවට එය ජනතාවට පහදා දීමේ වගකීමක් ඇති බවත් ඇමති වසන්ත සමරසිංහ අවධාරණය කරයි.

නිලන්ති කොට්ටහච්චිට උවමනා කළේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියට ආණ්ඩුව අත නොතබන බව ප්‍රකාශ කිරීම බව ද ඔහු සඳහන් කරයි.

ඕනෑම බොරුවක් ඇත්තක් යැයි කීමට ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටච්චි සිදුකළ ප්‍රකාශය ගැන පැහැදිලි කිරීමක් කරමින් දෙරණ 360 වැඩසටහනට එකතු වෙමින් ඇමතිවරයා මේ බව කීය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: