2025 ජූලි 05, පෙ.ව. 12:06
ඩිජිටල් කටයුතු අමාත්‍යංශය ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ඩිජිටල් හැඳුනුම්පත හඳුනා ගැනීමේ උපකරණ සවි කිරීම සඳහා අවශ්‍ය විදුලිය ලබා ගැනීමට මල්ටි ප්ලග් සහ අවශ්‍ය උපකරණ මිල දී ගැනීමේ දී විශාල දූෂිත ගනුදෙනුවක් සිදුකර ඇතැයි පෙරමුගාමී සමාජවාදී පක්ෂයේ වසන්ත මුදලිගේ චෝදනා කරයි.
ඔහු පෙන්වා දෙන්නේ මේ සඳහා නියමිත පරිදි ටෙන්ඩර් කැඳවුව අතර ඒ සඳහා රු. 25700, රු. 83 000, රු. 14800, රු. 18300, රු. 72517, රු. 5890 ලෙස මිල ගණන් ඉදිරිපත් කොට තිබූ බවයි.
මෙම උපකරණය ප්‍රාදේශීය ලේකම් කාර්යාල තාක්ෂණ නිලධාරියාට ඒ සඳහා රු. 11 000ක මුදලකට තනා ගත හැකි බව ප්‍රකාශ කරන හෙතෙම අදාළ ටෙන්ඩරය අඩුම ලංසුව තැබූ සමගාමට නොව රු. 72517ක ලංසුවක් තැබූ ඉෂාර නානායක්කාරගේ බ්‍රවුන්ස් ඉංජිනයරින් ඇන්ඩ් කන්ස්ට්‍රක්ෂන් සමාගමකට බවයි.
තමන් හොරකමට වංචාවට දූෂණයට විරුද්ධ යැයි ප්‍රකාශ කරමින් බලයට පැමිණි ආණ්ඩුවේ මෙම ගනුදෙනුව අත යට ගනුදෙනුවක් නොවන්නේ දැයි ප්‍රශ්න කරන වසන්ත මුදලිගේ මාස හතක් ගත වන විට තත්ත්වය මෙය නම් ඉදිරියේ දී තවත් එය නරක අතට හැරෙනු ඇතැයි සඳහන් කරයි.
2025 ජූලි 05, පෙ.ව. 12:10
2025 ජූලි 05, පෙ.ව. 12:08
2025 ජූලි 05, පෙ.ව. 12:08
2025 ජූලි 05, පෙ.ව. 12:06
2025 ජූලි 05, පෙ.ව. 12:06
05-07-25
05-07-25
05-07-25
05-07-25
05-07-25
05-07-25
05-07-25
05-07-25
05-07-25
05-07-25
05-07-25
05-07-25
04-07-25
04-07-25
04-07-25
04-07-25
04-07-25
04-07-25
04-07-25
04-07-25
04-07-25
04-07-25
03-07-25
03-07-25