hit counter

2025 පෙබරවාරි මස 03 වන සඳුදා

2025 පෙබරවාරි 04, පෙ.ව. 12:26



දැන් ඉන්ධන මිල තීරණය වන්නේ ලෝක වෙළෙඳ පොළ මිල අනුව සකස් කරන ලද මිල සූත්‍රය අනුව බව වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ ප්‍රකාශ කරයි.

අනුරාධපුරයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් හෙතෙම මේ බව කීය.

“මිල සූත්‍රයකට අනුව තමයි තෙල් මිල ඉහළ පහළ යන්නේ. ඒ නිසා මාසිකව තෙල් මිල ඉහළ පහළ යාම සිද්ධ වෙනවා. ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ඉහළ යාමත් සමග තෙල් මිලේ ඉහළ පහළ යාම සිද්ධ වෙනවා ඒ අනුව තමයි මිල සූත්‍රයට අනුව මිල වෙනස් වෙන්නේ.

අපි කැමති වුණත් අකමැති වුණත් දැන් අනුගමනය කරන්නේ මේ මිල සූත්‍රය. ඒ අනුව තමයි සංශෝධනය විය යුතු දේවල් වෙනවා ඉහළ පහළ යන ඒවා සිදුවෙනවා.30%කින් කර්මාන්ත ශාලා සඳහා විදුලි බිල අඩු කළා. ඒ හරහාත් පාරිභෝගික ජනතාවට සහන සැලසෙනවා. ඒ නිසා ආණ්ඩුවක් හැටියට ජනතාවට සහන සලසන්න සියලු ක්ෂේත්‍රවලින් කටයුතු කරනවා.ආයතනත් රැකගෙන ජනතාවත් රැකගෙන ඉස්සරහට යන්න රට පොහොසත් රටක් කරන වැඩපිළිවෙළක තමයි ආණ්ඩුව ඉන්නේ.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: