hit counter

2026 ජනවාරි මස 28 වන බදාදා

2024 නොවැම්‍බර් 29, ප.ව. 5:52



කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 18ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

ඒ, අද (29) දහවල් 12 සිට හෙට (30) උදෑසන 6.00 දක්වායි.

ඒ අනුව කොළඹ 12, 13, 14 සහ 15 යන ප්‍රදේශවලට මෙම ජල කප්පාදුව සිදුකෙරෙන බවයි එම මණ්ඩලය නිවේදනය කළේ.

අඹතලේ සිට එලි හවුස් දක්වා ජලය සපයන ජල සම්ප්‍රේෂණ නලයක සිදු කෙරෙන අත්‍යවශ්‍ය අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් මෙමබ ජල කප්පාදුව සිදුකෙරෙනු ඇති.

මෙලෙස ජල සැපයුම අත්හිටුවීම හේතුවෙන් ජල පාරිභෝගිකයන්ට සිදුවන අපහසුතාවය පිළිබඳව ජල සම්පාදන මණ්ඩලය සිය කණගාටුව පළ කර තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: