2024 නොවැම්බර් 17, පෙ.ව. 12:00
අද (17) දිනයේ සවස් කාලයේදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ඒ සඳහා හිතකර වායුගෝලීය තත්ත්වය තවදුරටත් පවතින බැවින් අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවරගන්නා ලෙසයි.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප.ව.2:00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙන බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
උතුරු සහ නැගෙනහිර පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් ස්ථාන ස්වල්පයක උදෑසන කාලයේදීත් වැසි ඇතිවිය හැකියි.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී.75ක පමණ තරමක තද වැසි ඇති වීමටද නියමිතයි.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකියි.
ගිගුරුම් සහිත වැසි සමග තාවකාලික තද සුළං ද ඇතිවිය හැකි බවටද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවනවා.
2024 නොවැම්බර් 22, පෙ.ව. 12:08
2024 නොවැම්බර් 22, පෙ.ව. 12:05
2024 නොවැම්බර් 22, පෙ.ව. 12:04
2024 නොවැම්බර් 22, පෙ.ව. 12:04
2024 නොවැම්බර් 22, පෙ.ව. 12:02
22-11-24
22-11-24
21-11-24
21-11-24
20-11-24
20-11-24
19-11-24
19-11-24
19-11-24
19-11-24
18-11-24
18-11-24
14-11-24
14-11-24
13-11-24
13-11-24
12-11-24
12-11-24
12-11-24
12-11-24
11-11-24
11-11-24
10-11-24
10-11-24