hit counter

2026 අප්‍රේල් මස 30 වන බ්‍රහස්පතින්දා

2025 මාර්තු 09, පෙ.ව. 12:00



එළැඹෙන මාර්තු 10, 11 දිනවලදී දිවයිනේ පවතින වියළි කාලගුණ තත්ත්වයේ තාවකාලික වෙනසක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

එම දෙපාර්තුමේන්තුව සඳහන් කළේ විශේෂයෙන් නැගෙනහිර සහ ඌව පළාත් ඇතුළුව දිවයින පුරා තැනින්තැන වැසි ඇතිවිය හැකි බවයි.

කෙසේ නමුත් රත්නපුර, ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ඇතිවිය හැකි අතර වැසි ස්වල්පයක් හැරුණු විට දිවයිනේ ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බවත් එම දෙපාර්තමේන්තුව දැනුම්දෙනවා.

එමෙන්ම උදෑසන කාලයේදී දිවයින පුරා තැනින්තැන මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තවදුරටත් සඳහන් කරනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: