2025 ඔක්‍තෝබර් 28, ප.ව. 5:25
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මඟින් ගාල්ල, මහනුවර, කෑගල්ල, සහ රත්නපුර දිස්ත්‍රික්ක සඳහා ඉදිරි පැය 24 සඳහාත් නායයෑම් පිළිබඳ අවදානම් නිවේදන නිකුත්කර ඇති බව සඳහන්.
ඒ අද (28) පස්වරු 4:00 සිට හෙට (29) පස්වරු 4:00 දක්වා වූ කාලය තුළ පහත සඳහන් ප්‍රදේශ ආශ්‍රිතව මෙම නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය ක්‍රියාත්මක වන බවටයි.
එබැවින් විමසිලිමත් විය යුතු බව දැනුම්දෙනු ලබන කහ පැහැති අනතුරු ඇඟවීමේ පළමු මට්ටමේ නිවේදනය නිකුත්කර ඇති දිස්ත්‍රික්කය සහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස පහතින්,
ගාල්ල දිස්ත්‍රික්කය:
– නාගොඩ
– ඇල්පිටිය
– බදදේගම
මහනුවර දිස්ත්‍රික්කය:
– යටිනුවර
කෑගල්ල දිස්ත්‍රික්කය:
– කෑගල්ල
– මාවනැල්ල
– යටියන්තොට
– අරණායක
– දෙහිඹ්විට
– රඹුක්කන
රත්නපුර දිස්ත්‍රික්කය:
– කලවාන
– ඇහැළියගොඩ
– රත්නපුර
එසේම දිවයිනේ පළාත් කිහිපයකට තද සුළං තත්වයක් ඇති විය හැකි බවට දන්වමින් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින්ද අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර ඇත.
අඳාළ නිවේදනයෙහි බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලට සහ ත්‍රීකුණාමලය හා මඩකලපුව යන දිස්ත්‍රික්ක සඳහා එය බලපැවැත්වෙන බව සඳහන්.
මේ අතර කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දක්වා ඇත්තේ බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ”මොන්තා” සුළි කුණාටුව නිසා මෙම තද සුළං ඇති විය හැකි බවයි.
එබැවින් ඇතැම් ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝ මීටර 50 ත් 60 ක දක්වා ඉහළ යා හැකි බව සඳහන්.
2025 ඔක්‍තෝබර් 28, ප.ව. 3:49
2025 ඔක්‍තෝබර් 28, ප.ව. 3:46
2025 ඔක්‍තෝබර් 28, ප.ව. 3:30
2025 ඔක්‍තෝබර් 28, ප.ව. 12:43
2025 ඔක්‍තෝබර් 28, පෙ.ව. 11:19
28-10-25
28-10-25
27-10-25
27-10-25
27-10-25
27-10-25
27-10-25
27-10-25
26-10-25
26-10-25
26-10-25
26-10-25
25-10-25
25-10-25
24-10-25
24-10-25
23-10-25
23-10-25
22-10-25
22-10-25
21-10-25
21-10-25
21-10-25
21-10-25