hit counter

2025 අගෝස්‍තු මස 05 වන අඟහරුවාදා

2023 පෙබරවාරි 07, පෙ.ව. 3:27



නැගෙනහිර, ඌව සහ උතුරුමැද පළාත්වලත් හම්බන්තොට, මාතලේ සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි ඇති විය හැකි බවත් දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

නැගෙනහිර පළාතේත්, මාතලේ සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී.50ට වැඩි තරමක් තද වැසි ඇතිවිය හැකි බවත් එම නිවේදනයේ සඳහන් වන්නේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.