2023 සැප්‍තැම්‍බර් 04, ප.ව. 9:36
            
හත් දෙනෙකුට ජීවිතය දී අකාලයේ මිලින වූ කුරුණෑගල මලියදේව ඉගෙනුම ලැබූ අබන්පොළ පදිංචි වී සිටි විහඟනා ආරියසිංහ දියණියගේ උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වී තිබෙනවා.
ඇය වාණිජ අංශයෙන් A සාමාර්ථ තුනක් සමගින් එම කඩඉම ද ජයගෙන තිබෙනවා. නමුත් ඒ ජයග්‍රහණය සැමරීමට ඇය මෙලොව අද නැහැ.
මොළේ මිය යාම හේතුවෙන් මරණයට පත්වූ විහඟනා සිසුවියගෙන් ලබා ගත් හදවත සහ පෙණහලු මෙසේ වෙනත් රෝගියෙකුට බද්ධ කෙරුණු අතර එම අවයව දෙකම බද්ධ කරනු ලැබුවේ හෘදය සහ පෙනහළු අකර්මණ්‍ය වීමෙන් අසාධ්‍ය තත්ත්වයක පසු වූ නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරියකට වීමද විශේෂත්වයක්.
විහඟනාගේ සිරුරෙන් අවයව ලබාගන්නා අවස්ථාවේ දී පැය භාගයක පමණ කාලයක් කොළඹ ජාතික රෝහලේ විදුලිය විසන්ධි වී තිබුණ ද එය බාධාවක් කර නොගත් වෛද්‍යවරු ඉතා සාර්ථකව එම කාර්ය සිදුකර තිබුණා.
මීට අමතරව ඇයගෙන් ලබාගත් වකුගඩු දෙකද අසාධ්‍ය රෝගීන් දෙදෙනෙකුට සාර්ථකව බද්ධ කර තිබෙනවා.
ඉන් එක් වකුගඩුවක් කුරුණෑගල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගියෙකුට සාර්ථකව බද්ධ කර ඇති බව අනාවරණය වුණා.
මේ අතර දැරියගෙන් ලබාගත් අක්මාව සහ අක්ෂි පටල ද තවත් පුද්ගලයන් තිදෙනෙකුට නිරෝගි ජීවිතයක් ලබාදීමට උපකාරී වී තිබෙනවා.
මේ අනුව විහඟනාගේ සිරුරෙන් ලබාගත් අවයව කොටස් 5ක් පුද්ගලයින් 7දෙනෙකුට තවත් බොහෝ කලක් නිරෝගිව ජීවත්වීමට මහෝපකාරී වී ඇත.
විහඟනාගේ අවයව බද්ධ කළ රෝගීන් සියලුදෙනා ඉතා හොඳ සෞඛ්‍ය තත්ත්වයකින් පසු වෙනවා.
                                                        2025 නොවැම්‍බර් 04, ප.ව. 2:50
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 8:40
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 12:11
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 12:09
                                                        2025 නොවැම්‍බර් 04, පෙ.ව. 12:07
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25