hit counter

2025 මැයි මස 01 වන බ්‍රහස්පතින්දා

2025 මැයි 01, පෙ.ව. 12:20



මේ දවස්වල ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි බැංකු පොලිය මත අයකරන 10% රඳවා ගැනීමේ බද්ද. ඒ නිසාම බැංකුවලයි, දේශීය ආදායම එකේ මේ දවස්වල මාර පෝලිම නේද? ඉතින් සමහරු හරි procedure (ක්‍රියා පටිපාටිය) එක හරියටම දන්නැතිව බැංකු වලට ගිහින් පෝලිමේ ඉදල රස්තියාදු වෙලා නිකන්ම ගෙදරත් යනවා.

ඒ හින්දම මේ කියන්න යන්නේ මේ withholding tax (රඳවා ගැනීමේ බද්ද) එක exempt (නිදහස්) කරගන්න පුළුවන් හරිම ක්‍රමවේදය ගැනයි .

මතක තියාගන්න withholding tax (රඳවා ගැනීමේ බද්ද) එක ඔයාලගේ පොලිය මත අය නොකරන හේතු

🟢 ඔයාලගේ සමස්ථ වාර්ෂික ආදායම (tax වලට යටත්) රුපියල් 1,800,000 ට අඩුනම් withholding tax (රඳවා ගැනීමේ බද්ද) ඔබට බලපාන්නේ නැහැ.

🟢 ලංකා පුරවැසියෙක් වී (resident) Tax declaration (බදු ප්‍රකාශය) තමාගේ deposits (තැන්පතු) තියෙන හැම බැංකුවකටම හා මූල්‍ය ආයතනයකට ලබා දුන්නොත් දිය යුතු වෙනවා.

ඉතින් ඔයාලාගේ වාර්ෂික ආදායම රුපියල් 1.8 මිලියනයකට අඩු නම් ඔයාලට කරන්න තියෙන්නේ මෙචිචරයි.

🟢 TIN Certificate එකක් ලබාගැනීම

මේක ඔයාලගේ ප්‍රදේශයේ අදායම් බදු ප්‍රාදේශීය කාර්යාලයට ගිහින් form එකක් පුරවල දීලා ගන්නත් පුලුවන් (සාමාන්‍ය දවසක නම් ගන්න අමාරුයි)

Form එක පහත link එකෙන් බාගත කරගන්න
https://www.ird.gov.lk/…/TaxpayerRegistra…/TPR_002_E.pdf

🟢එහෙම නැත්තමි ලේසිම ක්‍රමය තමයි පහත link එක මගීන් online TIN registration එක කරගන්න

Online TIN Registration –
https://eservices.ird.gov.lk/…/tinreg…/showrequestheader

ඉතින් මේ ක්‍රම දෙකෙන් කැමති එකකින් register වලා මතක් කරලම TIN Registration certificate එක ලබාගන්න (අනු පිටපතක් සදහා attachment එක බලන්න)

🟢 Tax declaration form (බදු ප්‍රකාශ පෝරමය) ඒක online බාගත කරගෙන හරි තමාගේ බැංකුව හෝ මූල්‍ය ආයතනයෙන් ලබා ගෙන හෝ පුරවන්න (පුරවන විදිය attachment එකක තියෙනවා බලන්න)

Online බාගත කරනවා නමි මේන්න link එක
https://www.ird.gov.lk/…/Forms_WHT_AIT/ISD_WHT_01-E.pdf

(මතක තියාගන්න තමා බැන්කූ කීපයක හෝ බැංකු ශාඛාකීපයක ගිණුමි පවත්වාගෙන යනවා නම් වෙනවෙනම tax declaration forms පුරවන්න ඕනේ )

🟢 පුරවපු tax declaration එකයි මතක් කරලා TIN Certificate එකයි , Identity card එකයි අරන් තමාගේ අදාල බැංකු ශාඛාව ට හැකි ඉක්මනින් බාරදෙන්න
(බාරදෙන්න කලින් withholding tax debit උනොත් ආය එක ලේසියෙන් ගන්න බෑ)

🟢 මතක් කරල tax declaration එක බාරගත්තා කියල අදාල බැංකුවෙන් acknowledgement (පිළිගත හැකි සහතිකයක්)
අරගන්න අමතක කරන්න එපා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: