hit counter

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2025 පෙබරවාරි 03, ප.ව. 4:58



රෝමයේ වතිකානූව වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ වතිකානූ තානාපති කාර්යාලය වාර්ෂිකව ජිනීවාවල සංවිධානය කරන 58 වන ලෝක සාම දින උත්සවය මෙවරද අතිඋත්කර්ෂවත්ව සිදුකෙරිණ.

වතිකානු තානාපති කාදිනල් තුමන් ද ජුවිස්’ ප්‍රොතෙස්තන්ත ඉස්ලාම් හා බෞද්ධ ආගමික නායකත්වය නියෝජනය කරණ ලද මෙම සම්භාවනීය සාමදිනයේ දී ලෝකවාසී සියලුම බෞද්ධයන් වෙනුවෙන් සිදුකරන කතාව 18 වන වරටත් ජිනීවා බෞද්ධ විහාරාධිපති ආචාර්ය අතිපූජ්‍ය තවලම ධම්මික නාහිමිපාණන් වහන්සේ විසින් සිදුකරන ලදී.

වතිකානුවේ ආරක්ෂාව සපයන ස්විස්ටර්ලන්ත ජාතික සෙබලුන් මෙවර ආරක්ෂක උපහාරයට සහභාගිවීම ද විශේෂයකි.

මෙම සම්භාවනීය අවස්ථාවට ආචාර්ය තවලම ධම්මික නාහිමියන් සමග පුජ්‍ය හල්විටිගල සුජාත හිමි ද තායි ජාතික චෛනාපොට් හිමි ද සහභාගී වුහ.