hit counter

2025 පෙබරවාරි මස 01 වන සෙනසුරාදා

2022 ඔක්‍තෝබර් 28, පෙ.ව. 7:35



යාල වනෝද්‍යානය තුළ නීති විරෝධී ලෙස හැසිරුණ පුද්ගලයන් අතර තම පුතාද සිටින බවට වාර්තා වන තොරතුරු අසත්‍ය බව අමාත්‍ය මහින්ද අමරවිර මහතා පවසනවා.

ඊයේ (27) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියා.

එම සිදුවිම සිදුවන දිනයේදී තම පුතා නිවසේ සිට අධ්‍යයන කටයුතු හදාරා ඇති බවත් ඒ පිළිබදව තමන් විමසීම්වලදි තහවුුරු වූ බවත් අමාත්‍යවරයා පැවසුවා.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දක්වා සිටියා,

“මගේ පුතා යාලට තියා ගාල්ලටවත් ගිහින් නෑ. ඒ වෙලාවේ අධ්‍යන කටයුතුවල තමයි පුතා ඉදලා තියෙන්නේ. මම නැති කාලයේදී ඔහු ගිහින් තියෙන එකම ගමන මතුගම ඥාති නිවසකට. කොළඹින් පිට දවස් 10 දහයකදී විතර ඔහු ගිහින් තියෙන්නේ මතුගමට විතරයි ”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: