hit counter

2025 පෙබරවාරි මස 14 වන සිකුරාදා

2023 අගෝස්‍තු 12, පෙ.ව. 12:18



නව සන්ධානයේ මෙහෙයුම් කටයුතු කඩාකප්පල් කිරීම සඳහා පොහොට්ටු කාර්යාලයේ විවිධ පිල්ලි මේ දිනවල විවිධ උත්සාහයන් දරමින් ඇතැයි වාර්තාවේ.

එහි ආසන්නතම සිදුවීම ලෙස සංස්ථාවක හිටපු සභාපතිවරියක් නව සංධාන කාර්යාලයේ මෙහෙයුම් ප්‍රධානියෙකුට දුරකතනයෙන් කතාකර නව සන්ධානයේ ප්‍රවර්ධන කටයුතු සඳහා තමන් කැමැත්තෙන් පසුවෙන බව පවසා ඇතැයි වාර්තා වේ.

නමුත් ඇය පිළිබඳව නව සන්ධාන මෙහෙයුම් කාර්යාලයේ කමිටු සාමාජිකයින් දැනුවත් කිරීමේදී ඔවුන් පවසා ඇත්තේ ඇයට පොහොට්ටු කාර්යාලයේ දැඩි සම්බන්ධතා පවතින බැවින් ඇයව නව සන්ධානයේ මෙහෙයුම් කටයුතු සඳහා සම්බන්ධ කර නොගන්නා ලෙසයි.

අනතුරුව ඇයව ප්‍රවර්ධන කටයුතු සඳහා සන්බන්ධ කර ගැනීම තාවකාලිකව නතර කර ඇතැයි වාර්තාවේ.

දේශපාලන වාර්තාකරු





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: