hit counter

2026 අප්‍රේල් මස 26 වන ඉරිදා

2025 මැයි 19, පෙ.ව. 12:10



මාස කිහිපයක් තිස්සේ විදේශගතව සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු ජාතික සංවිධායක හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ආපසු ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබේ.

ඒ අනුව ඒ මහතා එළඹෙන බ්‍රහස්පතින්දා දින මෙරට පැමිණෙනු ඇතැයි ආරංචි මාර්ග වාර්තා කරයි.

පසුගිය ජනාධිපතිවරණයෙන් පසු එ් මහතා ඇමරිකා එක්සත් ජනපදය බලා පිටත්ව ගිය අතර ඔහු එරට පුරවැසියෙක්ද වෙයි.

ඔහු මෙරටට පැමිණීමෙන් පසු නැවත දේශපාලන කටයුතු ආරම්භ කරන්නේද නැද්ද යන්න මෙතෙක් ප්‍රකාශයට පත්කර නැත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: