2026 ඔක්‍තෝබර් 12, ප.ව. 2:58
වැලිකඩ බන්ධනාගාරයේ රිමාන්ඩ් භාරයේ පසුවන හිටපු ජනාධිපති ආර්යාව වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය කොළඹ ජාතික රෝහලේ හෘද රෝග ඒකකය වෙත ඇතුළත් කර තිබේ.
ඒ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අසනීප තත්ත්වයෙන් පසුවන පුවත පැවසීමෙන් අනතුරුවයි.
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක සේනක පල්ලේතැන්න මහතා මේ බව තහවුරු කළා.
මේ අතර, පසුගිය 07වැනි දින ඇය රක්ෂිත බන්ධනාගාර ගත කිරීමේදී වෛද්‍ය ප්‍රතිකාර සඳහා කොළඹ පෞද්ගලික රෝහලක් වෙත ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස ද අතිරේක මහෙස්ත්‍රාත් දර්ශිමා ප්‍රේමරත්න මහත්මිය විසින් බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කර තිබුණි.
2026 ඔක්‍තෝබර් 12, ප.ව. 1:59
2026 ඔක්‍තෝබර් 12, පෙ.ව. 9:53
2026 ඔක්‍තෝබර් 12, පෙ.ව. 12:10
2026 ඔක්‍තෝබර් 12, පෙ.ව. 12:09
2026 ඔක්‍තෝබර් 12, පෙ.ව. 12:08