hit counter

2024 සැප්‍තැම්‍බර් මස 19 වන බ්‍රහස්පතින්දා

2024 සැප්‍තැම්‍බර් 18, ප.ව. 3:20



“රාජපක්ෂලා ගත් සියලු ණය ගෙවා අවසන්. ගෝඨා කර ගැහුවේ අනුන්ගේ පව්වලට. රට බංකොලොත් කළේ රනිල්ලා”  යනුවෙන් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළා.

ඒ මහතා මෙම අදහස් පළ ජන හමුවක් අමතමින්.

එහිදී ඒ මහතා මෙසේ ද අදහස් දක්වා සිටියා,

“රනිල් වික්‍රමසිංහ කියනවා අපි අවහම ගෑස් නැතිවෙයි, අපි අවහම තෙල් නැතිවෙයි කියලා. මේ රටේ තෙල් නැති කළේ ,ගෑස් නැති කළේ, කිරිපිටි නැති කළේ, විදුලිය නැති කළේ ඒගොල්ලෝ. එකේ ප්‍රධාන වගඋත්තරකරුවා රනිල් වික්‍රමසිංහ අද ඔය හැන්ගිලා හිටියට. අන්තිමට වග උත්තරකරුවා වුනේ ගෝඨාභය. නොතේරුනුකමට කරපු වැරදි ටිකක් ඇරුණු කොට මහා බරපතල ආර්ථික ඝාතකයෝ රනිල්ලා. ජාත්‍යන්තර වාණිජ වෙලදපොලේ අපි ණය අරගෙන තියෙනවා ඩොලර් මිලියන 15 හමාරක්. මේ ඩොලර් කෝටි 1550න් මහින්ද රාජපක්ෂ තමන්ගේ මුළු කාලෙටම ගත්තේ ඩොලර් කෝටි 300යි. ඒ 300 ගෙවලා ඉවරයි. අද අපිට ගෙවා ගන්න බැරිවෙලා බංකොලොත් වුණ ජාත්‍යන්තර වානිජ වෙලදපලෙන් ගත්තු ඩොලර් කෝටි 1250 ම ගත්තේ රනිල් වික්‍රමසිංහ අවුරුදු 4 හමාරෙන්.

ඒවා ගෙවාගන්න බැරි වෙලා තමයි ඩොලර් නැතිවුනේ. ණය ගෙවාගන්න බැරි තරමින් අදත් අපි ලෝකෙට ණයවෙලා තියෙනවා. වාණිජ වෙලදපොළෙන් ගත්තු සියලු ණය රනිල් වික්‍රමසිංහ ගත්තු ණය ඩොලර් කෝටි 1250ක්. 300න් වැඩිකරලා බලන්න. ආයේ කවුරුත් ණය දෙන්නෙත් නැතුව ගියා. එතකොට රටේ ඩොලර් නැති වුණා .ගෝඨාභය ඒක වියදම් කරන්න පටන් ගත්තා. ඊට පස්සේ ඒකත් ඉවර වුණා . ඒක ඉවර වුණාම අර්බුධය පත්තු වුණා. නිර්මාතෘවරයා කවුද රනිල් වික්‍රමසිංහ. අර්බුධයට බෙල්ල තියපු කෙනා ගෝඨාභය. දැන් ආයේ රනිල් වික්‍රමසිංහ කියනවා මෙයාට දෙන්නලු රට හදන්න.ඕගොල්ලෝ හැදුවා ඇති දැන් පැත්තකට යන්න අපි හදන්නම් මේක. ජාතික ජන බලවේගය රට හදන්න භාරගන්නම් කරුණාකරලා ඔබලා පැත්තකට යන්න. 21 වෙනිදා මේ රටේ ජනතාව ඒගොල්ලොන්ව පැත්තකට යවනවා.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: