hit counter

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2024 පෙබරවාරි 16, පෙ.ව. 9:42



තමන් ජනාධිපතිවරණයෙන් ජය ගන්නා බවට ඇතැම් පක්ෂ ව්‍යාජ සමීක්ෂණ ඉදිරිපත් කරමින් සිටින බව සමගි ජන බලවේගය ප්‍රකාශ කර සිටිනවා.

එහි පාර්ලිමේන්තු මන්ත්‍රි නිරෝෂන් පෙරේරා මහතා මේ බව ප්‍රකාශ කළේ, විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

සමාජ මාධ්‍ය තුළ හැමදාම ජයගන්නේ එම පක්ෂය පමණක් නමුත් මැතිවරණයෙන් ලැබෙන්නේ ඉන් වෙනස් ප්‍රතිඵල බවයි හෙතෙම පෙන්වා දුන්නේ.

සමාජ මාධ්‍යයේ හතු පිපෙන්නාක් මෙන් සමීක්ෂණ වාර්තා එළියට එන බවත් එම දත්ත වාර්තා අසත්‍ය බවත් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා අවධාරණය කළා.

සමීක්ෂණ වාර්තාවල පෙන්වන වාර්තා දත්තවලට නියැදි සහ තොරතුරු ගන්නේ කෙසේද යන්න පැහැදිලි නොමැති බවයි ඔහු වරඩි දුරටත් කියා සිටියේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: