hit counter

2024 ජූලි මස 01 වන සඳුදා

2024 ජූනි 22, පෙ.ව. 12:02



සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක් වීමට සුදානමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරම් සදහන් කරයි.

මන්ත්‍රී සරත් ෆොන්සේකා හිටපු සැම පක්ෂයකම නායකයින් විවේචනය කරමින් කටයුතු කල අයෙකු බවත් ඔහු සමගි ජන බලවේගයේ ජනාධිපති අපෙක්ෂකයා වශයෙන් ඉදිරිපත් විමට අපේක්ෂා කල බවද මන්ත්‍රීවරයා සදහන් කරයි.

ජනාධිපති අපේක්ෂක ධූරය ඔහු වෙත ලබා නොදුන් නිසා සරත් ෆොන්සේකා විසින් සමගි ජන බලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විවේචනය කරන බවද මන්ත්‍රීවරයා සඳහන් කරයි.

හැටන්, වැලිඔය ප්‍රදේශයේ පැවති පක්ෂ රැස්විමකට එක්වෙමින් නුවරඑලිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරම් මේ බව සදහන් කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: