hit counter

2026 මාර්තු මස 24 වන අඟහරුවාදා

2022 අගෝස්‍තු 18, පෙ.ව. 10:46



රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක ගොඩහේවා මහතා ඉවත් කර තිබෙනවා.

ඔහු තම සමාජ ජාල ගිණුම්වල සටහනක් තබමින් මේ බව කියා සිටිනවා.

ඒ අනුව ඔහු පවසා ඇත්තේ,

පසුගිය පාර්ලිමේන්තු වාර දෙකේම මා සාමාජිකත්වය දැරු රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවෙන් මෙවර මාව ඉවත් කොට ඇත. ජනාධිපතිතුමා සර්ව පාක්ෂික ආන්ඩුවකට විපක්ෂයට පවා ආරාධනා කරද්දී මහජන නියෝජිතයෙක් ලෙස පාර්ලිමේන්තුව තුල හා පිටත ස්වාධීනව අදහස් ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් ආන්ඩු පක්ෂයේ ප්‍රතිචාරය මෙයද ? යනුවෙනි,

තවද ඔහුගේ එම ප්‍රකාශයට අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී චරිත හේරත් මහතා ප්‍රකාශ කර ඇත්තේ,
මෙය ඊනියා ඇතුළත් ප්‍රජාතන්ත්‍රවාදීන්ගේ සැබෑ අභිප්‍රාය පෙන්වයි. ‘සර්ව පාක්ෂික ආණ්ඩුවක්’ පිළිබඳ සාකච්ඡා මේ ආකාරයේ ක්‍රියා සඳහා වසන් කිරීමක් මිස අන් කිසිවක් නොවන බව සිතීමට මෙය ඉඟියක් ද! යනුවෙනි,





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: