hit counter

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා

2023 ජූනි 19, ප.ව. 12:40



හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පණිවිඩයක් යවා ඇතැයි වාර්තා වනවා.

ඒ ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය පුද්ගලීකරණය කිරීම ජාතික ආරක්ෂාවට තර්ජනයක් බව දන්වමිනි.

එම පණිවිඩය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට දන්වා යවා ඇත්තේ වට්ස් ඇප් පණිවිඩයක් ලෙසින්.

“ඔබට ඡන්දය දුන් ජනතාවගේ අභිලාෂ මම ඉටු කරනවා. ජාතික සම්පත් විකිණීම සම්බන්ධයෙන් ඔබතුමා ප්‍රකාශයක් කරන්න” යැයි සරත් වීරසේකර මන්ත්‍රීවරයා ගෝඨාභය හිටපු ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

කෙසේ වෙතත් එම වට්ස් ඇප් පණිවුඩය හිටපු ජනාධිපතිවරයා කියවා බැලුවත් සරත් වීරසේකර පිළිතුරු ලබා දී නොමැති බවයි වාර්තා වන්නේ.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිව සිටි මුල් කාලයේ ඔහු සමඟ හොඳ සම්බන්ධතාවයක් පවත්වා පසුව ඔහු සමඟ සරත් වීරසේකර මන්ත්‍රීවරයා විරසක වී තිබුණා. නමුත් එම අතීත විරසකය අමතක කර උද්ගතව ඇති ප්‍රශ්නය දැනුම්දීමට ඔහු කටයුතු කර තිබුණා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: