hit counter

2025 මාර්තු මස 13 වන බ්‍රහස්පතින්දා

2024 ජනවාරි 13, පෙ.ව. 12:03



මන්ත්‍රීවරු පිරිසක් වරාය අධීක්‍ෂණ චාරිකාවක නිරත වූයේ එහි සංවර්ධන කටයුතු හා සීමාවන් දැනගැනීමට බව ‍ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා සඳහන් කරනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානයේදී මාධ්‍ය අමතමින් ඔහු මෙම අදහස් පළ කළා.

කටුනායක හා මත්ත ගුවන්තොටුපොල, කොළඹ වරාය, හම්බන්තොට වරාය, ත්‍රිකුණාමල වරාය ආදි ස්ථානයන්හි නිරීක්ෂණ චාරිකා සිදු කිරීමට අවස්ථාව සලසා දෙන දෙසා අයවැය විවාදය අතරතුරදී කළ ඉල්ලීමක් අනුව මෙම සංචාරය සූදානම් වූ බවද හෙතෙම පැවසුවා.

මෙම චාරිකාව සඳහා ආණ්ඩු පක්ෂය පමණක් නොව විපක්ෂයේ මන්ත්‍රීවරුන්ටද ආරාධනා කර තිබූ බවත් ඔහු සඳහන් කළේය.

නැවක් ලෙස පැවසූවද සත්‍ය වශයෙන්ම එය නැවක් නොවන බවත් එය වැලිගොඩ දැමීමට භාවිතා කරන යන්ත්‍රයක් බවද පැවසූ ඔහු කෙසේ වෙතත් මෙම චාරිකාවේදී තම බලාපොරොත්තු හොඳටම ඉෂ්ට වූ බවත් වරාය ගැන හොඳ අධ්‍යනයක් ලැබුනු බවත් පැවසීය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: