hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2023 පෙබරවාරි 12, පෙ.ව. 9:07



ඈත දුර බැහැර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සියයට විස්සත් තිහත් අතර සංඛ්‍යාවක් අධික ඉන්ධන මිල ගණන් හේතුවෙන් මැතිසබයට පැමිණීම සීමා කර ඇතැයි වාර්තා වනවා.

එසේම පෞද්ගලික කටයුතු සඳහා කොළඹට පැමිණීම සහ වෙනත් ගමන් බිමන් යෑමද සීමා කර ඇතැයි දැනගන්නට තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ හිටපු අමාත්‍ය විමලවීර දිසානායක මහතා පැවසුවේ තමාට අම්පාරේ සිට කොළඹට පැමිණ යෑමට වරකට රුපියල් පනස් දහසකට වැඩි මුදලක් වැය වන බවයි.

උතුරු පළාතේ මන්ත්‍රීවරුන්ට කොළඹට පැමිණ යෑමට රුපියල් අසූ දහසක් පමණ වරකට වැය වන බව සඳහන්.

මේ අතර මන්ත්‍රීවරුන්ගේ දීමනාවෙන්ද රුපියල් අසූ දහස, ලක්ෂය බැගින් බදු කපා ගෙන ඇතැයි වාර්තා වනවා.

මන්ත්‍රීවරුන්ගෙන් බදු අය කරන්නේ කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ දීමනා සියල්ල එකතු කර ඊට සමානුපාතිකව බවත්  මෙය ඉතා අසාධාරණ තීරණයක් බවත් විමලවීර දිසානායක මහතා පැවසුවා.

මේ සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් රැසක් කතානායකවරයා ඇතුළු පාර්ලිමේන්තු ප්‍රධානින්ට දැනටමත් පැමිණිලි කර තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: