2023 මැයි 04, ප.ව. 2:04
            
බැසිල් රාජපක්ෂ මහතා ලංකාවේ ජනප්‍රියතාවයෙන් අඩුම දේශපාලකයා විදිහට සමීක්ෂණයකදී හෙළි වී ඇතැයි පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසනවා.
ඒ් මහතා මේ බව සදහන් කර සිටියේ අද (04) පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්.
පොහොට්ටුවේ පිරිසක් නාමල් රාජපක්ෂ මහතා පෙරටු කරගෙන විපක්ෂයේ වාඩි වෙන බවට ආරංචි පල වෙනවා. එතකොට ඔබ ඔබතුමාලාට මොකද වෙන්නේ? යැයි මාධ්‍යවේදීයෙකු ඇසූ ප්‍රශ්නයට ගම්මන්පිල මහතා මෙසේ අදහස් දැක්වූවා,
“අපට නම් මුකුත් වෙන්නේ නෑ. ඉදිරි ජනාධිපතිවරණයෙන් ජය ගන්න රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට තියෙන ලොකුම බාධාව තමයි ජනතාව දැඩිව ප්‍රතික්ෂේප කරන රාජපක්ෂවරු එතුමාගේ කණ්ඩායම තුළ සිටීම. ලංකාවේ ජනප්‍රියතාවයෙන් අඩුම දේශපාලකයා විදිහට සමීක්ෂණයකදී හෙළි වෙලා තියෙන්නේ බැසිල් රාජපක්ෂ මහතා. ඔහු තමයි පොහොට්ටුවේ නායකයා. එවැනි බලවේගයක් කරේ තබාගෙන ජනාධිපතිවරණයට යෑම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට ලොකු පීඩනයක්. ඉතින් තමන්ට බරක් වෙලා ඉන්න පිරිසක් හලා ගන්නේ කෙසේදැයි ජනාධිපතිතුමා කල්පනා කරනවා වෙන්න පුළුවන්. බැසිල් රාජපක්ෂ කණ්ඩායම සෑහෙන කාලයක් තිස්සේ අමාත්‍යධූර ඉල්ලමින් සිටිනවා. ජනාධිපතිවරයා ඒවා නොදී සිටින්නේ පල නොකියා පලා බෙදීමක් වෙන්න පුළුවන්. කෙසේ වෙතත් රාජපක්ෂවරුන් සමග අපේ කිසිදු ගනුදෙනුවක් නැහැ. “
                                                        2025 මැයි 22, ප.ව. 1:15
                                                        2025 මැයි 21, ප.ව. 3:30
                                                        2025 මැයි 21, ප.ව. 12:30
                                                        2025 මැයි 20, ප.ව. 8:01
                                                        2025 මැයි 20, ප.ව. 6:18
16-10-25
                                            16-10-25
14-10-25
                                            14-10-25
01-10-25
                                            01-10-25
29-09-25
                                            29-09-25
24-09-25
                                            24-09-25
07-09-25
                                            07-09-25
21-08-25
                                            21-08-25
18-08-25
                                            18-08-25
07-08-25
                                            07-08-25
06-08-25
                                            06-08-25
05-08-25
                                            05-08-25
19-07-25
                                            19-07-25