2026 ජනවාරි 26, පෙ.ව. 9:20
පාතාල කල්ලි නායකයකු වන කෙහෙල්බද්දර පද්මේ සමඟ සබඳතා පැවැත්වූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාගැනීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂට අද (26දා) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනීසිටින ලෙස දැනුම් දී ඇත.
මේ අතර, කොළඹ මියුසියස් විදුහල අසල ඇති නිවෙසක් 2013.04.05 දිනැති ඔප්පුව මඟින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිය වන ශිරන්ති රාජපක්ෂගේ නමට මිලදී ගැනීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙස අල්ලස – දූෂණය – නාස්තියට එරෙහි සංවිධානය අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් සිදුකර තිබේ.
මේ නිවෙස සිරිලිය ගිණුමේ තිබූ රුපියල් ලක්ෂ 350ක් වැය කර මිලදී ගෙන ඇති බවට ඉඩමට අදාළ ලේඛන පරීක්ෂා කිරීමේදී සඳහන් වන බව එම පැමිණිල්ලේ පෙන්වා දී ඇත.
මෙය දූෂිත ගනුදෙනුවක් බවට හැඟී යන බැවින් මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් කරන ලෙස එම සංවිධානය ඉල්ලා තිබේ.
මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට හෙට (27දා) පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයේ පෙනීසිටින ලෙස ඇයට දැනුම් දී ඇතැයි වාර්තා වේ.
2026 අගෝස්‍තු 27, පෙ.ව. 12:33
2026 අගෝස්‍තු 27, පෙ.ව. 12:30
2026 අගෝස්‍තු 27, පෙ.ව. 12:26
2026 අගෝස්‍තු 27, පෙ.ව. 12:18
2026 අගෝස්‍තු 27, පෙ.ව. 12:17
27-08-26
27-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
23-08-26
23-08-26
23-08-26
23-08-26
23-08-26
23-08-26
21-08-26
21-08-26