hit counter

2026 ඔක්‍තෝබර් මස 16 වන සිකුරාදා

2026 ඔක්‍තෝබර් 16, පෙ.ව. 9:03



රක්ෂිත බන්ධනාගාර ගත කළ, මේ වනවිට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබද වෛද්‍ය මණ්ඩල වාර්තාව ජාතික රෝහල් අධ්‍යක්ෂවරයාට භාරදී ඇත.

එම වෛද්‍ය මණ්ඩලයට වෛද්‍යවරුන් 14 දෙනෙකු ඇතුළත් වන අතර එම වාර්තාව, බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා මගින් අධිකරණයට ඉදිරිපත් කරන බව කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සම්පත් ඉන්දික කුමාර සඳහන් කරයි.

ශිරන්ති රාජපක්ෂට එරෙහිව රුපියල් මිලියන 10ක රජයේ මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය සම්බන්ධයෙන් පවරා ඇති නඩුව අද (16) දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ යළි කැඳවීමට නියමිතය.

පසුගිය (13) වනදා නඩුව කැදවූ අවස්ථාවේ හෘද රෝගී තත්ත්වය හේතුවෙන් ශිරන්ති රාජපක්ෂට එදින විවෘත අධිකරණය හමුවේ පෙනී සිටිය නොහැකි බව, ශිරන්ති රාජපක්ෂගේ නීතිඥවරුන් අධිකරණයට දැනුම් දුන්නේය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: