hit counter

2026 ජනවාරි මස 10 වන සෙනසුරාදා

2023 දෙසැම්‍බර් 19, පෙ.ව. 9:18



තමන් ඉදිරි ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයකු වශයෙන් ඉදිරිපත් වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කැබිනට් මණ්ඩලයට දැනුම් දී ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග තහවුරු කළා.

ඊයේ පස්වරුවේ පැවති කැබිනට් රැස්වීමෙන් අනතුරුව ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇති බව සඳහන්.

ලබන ජනවාරි මාසයේ සිට තමන්ගේ ජනාධිපතිවරණ ප්‍රචාරක මෙහෙයුම් ආරම්භ කෙරෙන බවද වික්‍රමසිංහ මහතා පවසා තිබෙනවා.

ඒ සඳහා සහාය ලබාදෙන ලෙස ජනාධිපතිවරයා සියලුම අමාත්‍යවරුන්ගෙන් ඉල්ලා ඇති බවද ඉහත ආරංචි මාර්ග කියා සිටියා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: