hit counter

2024 ජූලි මස 03 වන බදාදා

2024 ජූනි 24, පෙ.ව. 9:39



ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලබන 26 වැනිදා ජාතිය ඇමතීමෙන් පසු සියලු පක්ෂ වල එකතුවෙන් ජාතික ආණ්ඩුවක් ඇතිකිරීම කෙරෙහි විශේෂ අවධානය යොමුව තිබෙනවා.

ඒ අනුව දැනට තිබෙන කැබිනට් මණ්ඩලයට අලුත් මුහුණු කිහිපයක් අලුතින් එකතුවන බවද වාර්තා වෙනවා.

එම කැබිනට් මණ්ඩලය සදහා සජබ,පොහොට්ටුවේ සහ ස්වාධීන මන්ත්‍රීවරුන් කිහිප පොලක්ම එකතුවීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව බොහෝ දුරට සෞඛ්‍ය අමාත්‍ය ධූරය සජබ මන්ත්‍රී රාජිත සේනාරත්න මහතාට ලබාදීම කෙරෙහි අවධානය යොමුව ඇති බවද වාර්තා වෙනවා.

මේ අතර අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා ඉන් ඉවත්කර එම අමාත්‍ය ධූරය සුසිල් ප්‍රේමජයන්ත් මහතාට ලබාදීමට සහ අධ්‍යාපන අමාත්‍ය ධූරය එස්.බී.දිසානායක මහතාට ලබාදීමටද නියමිත බව වාර්තා වෙනවා.

මේ අතර නව රාජ්‍ය අමාත්‍ය තනතුරු කිහිපයක වෙනසක් කිරීමටද නියමිත බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග තහවුරු කලා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: