2023 නොවැම්‍බර් 11, ප.ව. 12:32
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් මෙරටට පණවා ඇති ක්‍රිකට් තහනම පදනම් කරගනිමින් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාට සිය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස විවිධ පාර්ශවයන්ගෙන් බලපෑම් එල්ල වෙන බවට වාර්තා වනවා.
ආණ්ඩු පක්ෂයෙන් මෙන්ම විපක්ෂයෙන් ද අමාත්‍යවරයාට බලපෑම් එල්ල වෙමින් පවතින බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග හෙළි කළා.
එසේ නොවන්නේ නම් ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් පවතින ගැටළු කිසිවක් නිරාකරණය කර ගැනීමේ හැකියාව නොමැති බවද එම පිරිස් අවධාරණය කර සිටිනවා.
මේ පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව දැනුවත් කිරීමට ද විවිධ පාර්ශ්ව කටයුතු කරමින් සිටින බව දැනගන්නට ඇත.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වත්මන් බලධාරීන් ද අවධාරණය කර සිටින්නේ මෙම ගැටළුව මෙතරම් උත්සන්න වීමට හේතුව ක්‍රීඩා අමාත්‍යවරයාගේ අත්තනෝමතික හැසිරීම බවයි.
ඔහු මෙම තනතුරෙන් ඉල්ලා අසුවුවහොත් ජාත්‍යන්තර ක්‍රිකට් තහනම ලිහිල් කර ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සිදුකරන බවද ඔවුන් අවධාරණය කර සිටිනවා.
2025 අප්‍රේල් 10, ප.ව. 7:35
2025 අප්‍රේල් 10, ප.ව. 7:15
2025 අප්‍රේල් 10, ප.ව. 5:25
2025 අප්‍රේල් 10, ප.ව. 5:06
2025 අප්‍රේල් 10, ප.ව. 3:36