hit counter

2026 ජූනි මස 04 වන බ්‍රහස්පතින්දා

2025 මැයි 09, පෙ.ව. 9:24


බෙල් 212 හෙලිකොප්ටරයක් කඩා වැටෙයි

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් අද (09) උදෑසන කඩාවැටී තිබේ.

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අංක 7 බලගණයට අයත් බෙල් 212 හෙලිකොප්ටර් යානයක් මෙලෙස කඩාවැටී ඇත.

විසිරයෑමේ පෙළපාලියක නිදර්ශනයක් අතරතුර අනතුර සිදුවී ඇති බවද වාර්තා වෙයි.

අදාළ යානයේ ගුවන් නියමුවන් දෙදෙනා ඇතුළු පුද්ගලයින් 12 දෙනෙකු ගමන් කර තිබෙන බවද වාර්තා වෙයි.

එම යානය මාදුරුඔය ජලාශයට කඩා වැටී ඇති බවද තවදුරටත් වාර්තා වෙයි.

මේ අතර ගුවන් හමුදාව සඳහන් කළේ මේ වනවිට ඉන් පුද්ගලයින් 10 දෙනෙකු පමණ බේරාගෙන ඇති බවය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: