2022 ජූනි 16, පෙ.ව. 10:26
නිදහස් දිනය වෙනුවෙන්, වෙසක් දිනය වෙනුවෙන්, පොසොන් දිනය වෙනුවෙන් යනාදී ලෙස රංජන් රාමනායකට නිදහස ලබා දෙන බවට ආණ්ඩු පාර්ශ්වයේ ප්‍රකාශ කළ දේ සහමුලින්ම ඇන්දවීමක් සහ රැවටීමක් පමණක් වූ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවා.
රන්ජන් රාමනායක මහතාට සිය උසස් අධ්‍යාපන කටයුතු සාර්ථක කරගැනීමත් සමඟ වඩාත් ඵලදායි ලෙසත්, අර්ථවත් ලෙස රටට සේවය කිරීම වෙනුවෙන් සමගි ජන බලවේගය සමග එකට කටයුතු කරන බවට රටට පණිවිඩයක් ලබා දෙන්නැයි තමාගෙන් ඉල්ලා සිටි බව ද විපක්ෂ නායකවරයා සඳහන් කළා.
සිරගතව සිටින රංජන් රාමනායක මහතාගේ සුවදක් බැලීමට ඊයේ (15) වැලිකඩ සිර මැදිරියට පැමිණීමෙන් අනතුරුව විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළා.
රටේ පවතින බරපතළ අර්බුදය පිළිබඳව සතිපතා එක එක කතා කියනවා හැරුණු කොට රට ගොඩනැගීමට නිශ්චිත වැඩපිළිවෙළක් ආණ්ඩුවට නැතැයි පැවසූ විපක්ෂ නායකවරයා, හැබැයි ආණ්ඩුව භාර ගන්නා විට නම් ප්‍රකාශ කළේ පැය විසිහතරෙන් ප්‍රශ්න විසඳන බව යැයිද සිහිපත් කළා.
ජනතාව බලාපොරොත්තු වෙන්නේ විග්‍රහයන් නොවන බව පැවසූ ප්‍රේමදාස මහතා ජනතාවට අවශ්‍ය වන්නේ ප්‍රශ්න විසඳ හා රට ගොඩනැගීම බවද කියා සිටියා.
2024 දෙසැම්‍බර් 20, ප.ව. 5:40
2024 දෙසැම්‍බර් 03, ප.ව. 2:24
2024 නොවැම්බර් 28, පෙ.ව. 9:59
2024 නොවැම්බර් 16, ප.ව. 7:19
2024 නොවැම්බර් 15, පෙ.ව. 11:39