hit counter

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා

2022 ජූනි 03, ප.ව. 3:28



සිරගත වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා නිදහස් කර ගැනීම සඳහා කළ හැකි දෙයක් තිබේ දැයි සොයා බලන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ ජාතික සංවිධායක සාගල රත්නායක සහ අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහත්වරුන්ට දැනුම් දී තිබෙනවා.

මේ අතර සාගල රත්නායක මහතා සහ අග්‍රාමාත්‍ය ලේකම්වරයා ඉකුත් අඟහරුවාදා වැලිකඩ බන්ධනාගාරයට ගොස් රංජන් රාමනායක මහතා හමුවී ඔහුගේ සුවදුක් විමසා බලා තිබෙන බවයි වාර්තා වන්නේ.

තමා මේ දිනවල උපාධියට සූදානම් වන බවත් ඒ වැඩ කටයුතු සඳහා ලබා දී තිබූ ලැප්ටොප් පරිගණකය නැවත බන්ධනාගාර නිලධාරීන් විසින් රැගෙන ගිය බවත් රංජන් රාමනායක මහතා සාගල රත්නායක මහතා සහ අග්‍රාමාත්‍ය ලේකම්වරයා සමඟ පවසා තිබෙනවා.

තමා පරිගණකයෙන් ඇමතුම් ගන්නා බව කියමින් එම පරිගණකය රැගෙන ගිය බවයි රන්ජන් රාමනායක මහතා ප්‍රකාශ කර ඇත්තේ.

එහිදී අග්‍රාමාත්‍ය ලේකම්වරයා බන්ධනාගාර නිලධාරීන් සමඟ මේ කරුණ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති අතර බන්ධනාගාර නිලධාරීන් දැනුම් දී ඇත්තේ අධ්‍යාපන කටයුතු සඳහා අවශ්‍ය සියලු පහසුකම් රංජන් රාමනායක මහතාට ලබාදීමට කටයුතු කරන බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: