hit counter

2026 පෙබරවාරි මස 06 වන සිකුරාදා

2023 මාර්තු 01, පෙ.ව. 8:19



මේවන විට ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂය තුළ දේශපාලන පෙරැළි රැසක් සිදුවෙමින් පවතින බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රබලයෙකු මෙන්ම හිටපු අමාත්‍යවරයෙකු සමගි ජන බලවේගයට එක්වීමට සූදානම් බව එම ආරංචි මාර්ග පැවසුවා.

තවත් මන්ත්‍රීවරයෙකු සමඟ ඔහු සමගි ජන බලවේගය සමග එක්වීමට නියමිතයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ඒෂියන් මිරර් කළ විමසීමකදී සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පැවසූවේ විශේෂ කාරණයක් සේ සලකා එවැනි සාකච්ඡා නොපැවැත් වූ බවයි.

නමුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් වෙන්ව ස්වාධීන ලෙස කටයුතු කරන මන්ත්‍රීවරුන් රැසක් මේවන විටත් සමගි ජන බලවේගය සමග වැඩ කටයුතු කිරීමට එක්ව සිටින බව ඔහු වැඩිදුරටත් පැවසුවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: