2023 ජනවාරි 18, ප.ව. 2:27
අද(18) පාර්ලිමේන්තුවේදී හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා අතර උණුසුම් මත ගැටුමක් හට ගත්තා.
එහිදී සරත් ෆොන්සේකා මන්ත්‍රීවරයා සඳහන් කළේ පාස්කු ප්‍රහාරය පිළිබඳ හිටපු ජනාධිපතිවරයාට මිලියන 100ක වන්දියක් ගෙවන්න සිදු වූ බවත් දැන් පිටකොටුවේ කැටයක් තියාගෙන ඉන්න බවට ප්‍රකාශ කරන බවත්ය.
“කැට තියාගෙන පිටකොටුවේ ඉන්න ඕන මිනිස්සු ජනාධිපතිලා කළාම මේ වගේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ” යැයි ෆොන්සේකා මන්ත්‍රීවරයා සඳහන් කළා.
ඊට පිළිතුරු දුන් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේ “පිටකොටුවේදී සල්ලි දුන්නත් මම ගන්නවා මට නැති නිසා. පසුගිය දවස් ටිකේ මා හිරේ දාන්න කියලා කිව්වේ මෙතුමා. කරුණාකරලා ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුව කියවන්න” යනුවෙනි.
“තමුන්නාන්සේව මම තමයි නිදොස් කොට නිදහස් කළේ හිරේ ඉන්න කොට. ෆීල්ඩ් මාර්ෂල් කළා. මට මේ විදිහට කතා කිරීම අසාධාරණයි. මට ඉලක්ක කරලා ආරක්ෂාව ගැන කියන්න බෑ ඔබතුමා ඉන්න කොට හමුදා මූලස්ථානයේ බෝම්බ පිපුරුවා” යැයි හිටපු ජනාධිපතිවරයා කියා සිටියා.
2025 අප්‍රේල් 10, ප.ව. 7:35
2025 අප්‍රේල් 10, ප.ව. 7:15
2025 අප්‍රේල් 10, ප.ව. 5:25
2025 අප්‍රේල් 10, ප.ව. 5:06
2025 අප්‍රේල් 10, ප.ව. 3:36
08-05-25
08-05-25
07-05-25
07-05-25
06-05-25
06-05-25
05-05-25
05-05-25
05-05-25
05-05-25
04-05-25
04-05-25
03-05-25
03-05-25
03-05-25
03-05-25
02-05-25
02-05-25
02-05-25
02-05-25
30-04-25
30-04-25
29-04-25
29-04-25