hit counter

2026 ජනවාරි මස 27 වන අඟහරුවාදා

2022 දෙසැම්‍බර් 09, පෙ.ව. 9:26



අයවැය තුන්වර කියැවීමේ ඡන්ද විමසීමේ අවස්ථාවේදී විපක්ෂයේ මන්ත්‍රීවරු 10 දෙනෙකු ආණ්ඩුවට එක්වීමට නියමිත බවට දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළා.

නමුත් ඊයේ අයවැය ඡන්ද විමසීමෙන් අනතුරුවද එම විපක්ෂ මන්ත්‍රී පිරිස ආණ්ඩු එක්වීමට කටයුතු කර තිබුණේ නෑ.

දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ එලෙස විපක්ෂයෙන් ආණ්ඩුවට එක්වීමට සිටි මන්ත්‍රීවරුන්ට ලැබෙන ඇමතිධූර පිළිබඳ ඇති වූ ගැටලුවක් හේතුවෙන් මෙම පිල් මාරුව සිදු නොවූ බවයි.

කෙසේ වෙතත් එම මන්ත්‍රීවරුන්ට ඇමති ධූර ලබා දෙනවාද නැද්ද යන්න ස්ථාවරයක් නොමැති බවයි වාර්තා වන්නේ.

ඇමති ධූර ලබා දීමේ තීන්දුවේ ගැටලුව නිසා ආණ්ඩුවට එක්වීමට තිබූ තීරණය පස්සට ගැනීමට එම මන්ත්‍රීවරු තීරණය තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: