hit counter

2025 ඔක්‍තෝබර් මස 22 වන බදාදා

2024 ජූලි 05, පෙ.ව. 10:17



ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානය පිහිටි කොලඹ ඩාලි පාරේ අද පෙරවරුවේ විශේෂ ආරක්ෂක වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙනවා.

විශේෂයෙන් පක්ෂ මූලස්ථානයට විශේෂ ආරක්ෂාවක් ලබාදීමට ද නියමිතයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අද පෙරවරුවේ ශ්‍රීලනිප පක්ෂ මූලස්ථානයේ දී මහලේකම් වරයා ලෙස වැඩ භාර ගැනීමට නියමිත නිසා නිමල් සිරිපාල පාර්ශවයේ පිරිස් සමග යම් ගැටුමක් ඇතිවේයැයි යන සැකය මත මෙම ආරක්ෂක වැඩපිලිවෙල ක්‍රියාත්මක බව සදහන්.

කෙසේ වෙතත් අද පෙරවරු 9.30 ජයසේකර මහතා පක්ෂ මූලස්ථානය වෙත පැමිණීමට නියමිත අතර නිමල් සිරිපාල සභාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ද අද පෙරවරුවේ රැස්වීම් කිහිපයක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: