hit counter

2026 අප්‍රේල් මස 02 වන බ්‍රහස්පතින්දා

2023 සැප්‍තැම්‍බර් 06, ප.ව. 8:09



නව ජනතා පෙරමුණේ නායක නව සන්ධානයේ පක්ෂ කාර්යාලයේ මෙහෙයුම් ප්‍රධානී සුගීශ්වර බණ්ඩාර මහතා පසුගියදා විශේෂ කටයුත්තක් සඳහා තායිලන්තය බලා පිටත්ව ගොස් තිබෙනවා.

එහිදී සිදුවූ විශේෂත්වයක් වන්නේ තාවකාලික පැවිදි බව ලබාගත් ශ්‍රී ලාංකීය පිරිස හමුවීමයි.

සුගීශ්වර මහතා සමඟ මෙම ගමනට බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන්, විදුහල්පතිවරුන්, ගුරු උපදේශකවරුන්, ගුරුවරුන්ගෙන් සහ පරිපාලන නිලධාරීන් පිරිසක් එක්ව තිබෙනවා.

ඊට සමගාමීව අමරපුර මහ නිකායේ වැඩබලන උත්තරීතර මහනායක කරගොඩ උයන්ගොඩ මෛත්‍රීමූර්ති නාහිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් මව්බිමේ සිට සියම් දේශය වෙත ශ්‍රී සර්වඥතා ධාතූන් වහන්සේලා වැඩම්මවීමේ මහාර්ඝ පින්කමක්ද සිදු කෙරුණා.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා මියන්මාර තානාපති ජානක බණ්ඩාර මහතාද සම්බන්ධ වුණා.

තායිලන්තයේදී මෙම විශේෂ තාවකාලික පැවිද්ද ලබාදීමේදී උදෑසන සාමනේර පැවිදි බවට පත්කොට සවස් වරුවේ සීමමාලකයේදී විනයකර්ම සිදුකොට පැවිදි උපසම්පදාව ලබාදීම සිදුකරයි.

ඉන් පසු දින 14 ක කාලසීමාවක් විදර්ශණා භාවනා කටයුතු සිදුකරනු ලබයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: