hit counter

2024 මැයි මස 10 වන සිකුරාදා

2023 අගෝස්‍තු 09, පෙ.ව. 10:03



පක්ෂය අතට ගෙන මෙහෙයවීම් කටයුතු සිදුකරන්නැයි පොහොට්ටුවේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා නව සන්ධානයට සහය දෙන මන්ත්‍රීවරුන්ට පණිවිඩ පිට පණිවිඩ යවමින් තිබෙන බව එම කණ්ඩායම නියෝජනය කරන පුත්තලම් දිස්ත්‍රික් මන්ත්‍රීවරයෙකු පවසයි.

නව සන්ධානයේ දේශපාලන කටයුතු සඳහා පොහොට්ටුවෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වුණු මන්ත්‍රීවරුන් ලබා දෙන දායකත්වය දිනෙන් දින වැඩිවෙමින් ඇති නිසා රාජපක්ෂ මහතා මෙසේ පණිවිඩ යවන බවද වාර්තාවේ.

බැසිල් වටා දැනට ඉතිරිව සිටින්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 20 කටත් වඩා අඩු ප්‍රමාණයක් බවද ඉහත ආරංචි මාර්ග තහවුරු කළා.

පසුගියදා පැවති ආසන බල මණ්ඩල ඇමතීමට සහභාගී වී සිටි මන්ත්‍රීවරුන් පිරිස දුටු විට අතිශය කණගාටුවක් ඇතිවන බවද මන්ත්‍රීවරයා කියයි.

ආසන බල මණ්ඩලවල වල ප්‍රධාන කතිකයා බවට තිස්ස කුට්ටිආරච්චි මන්ත්‍රීවරයා පත්වීමට තරම් අද පොහොට්ටුව දුර්වල වී ඇති බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.

දේශපාලන වාර්තාකරු





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: