hit counter

2026 ඔක්‍තෝබර් මස 13 වන අඟහරුවාදා

2023 ජූලි 31, ප.ව. 12:43



ඉදිරි මහ මැතිවරණයෙදී පුත්තලම දිස්ත්‍රික්කයේ දූෂිත සහ කප්පම් දේශපාලනය අවසන් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සාගේ මූලිකත්වයෙන් ස්තාපනය කරන ලද පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරුන්ගේ කණ්ඩායමේ පුත්තලම් දිස්ත්‍රික් නායක පියංකර ජයරත්න මහතා සදහන් කරනවා.

ඔහු පෙන්වා දෙන්නේ එම මැතිවරණයට මුහුණදීම සඳහා දැනටමත් සුවිශේෂී පුද්ගලයන් පිරිසක් සූදානමින් සිටින බවයි.

දීර්ඝ කාලයක් පිරිසිදු දේශපාලනයේ නියැළුණු පුද්ගලයන්ගෙන් සමන්විත කණ්ඩායමක් එම මැතිවරණය සඳහා ඉදිරිපත් කරන බවද දැනට කරුවලගස්වැව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයෙන් නව දේශපාලන ව්‍යාපාරයේ ප්‍රචාරණ කටයුතු ආරම්භ කළ බව ද මන්ත්‍රීවරයා කියයි.

දේශපාලන වාර්තාකරු





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: