hit counter

2025 අප්‍රේල් මස 12 වන සෙනසුරාදා

2025 අප්‍රේල් 10, ප.ව. 3:18



බටලන්ද කොමිෂන් සභාවේ වාර්තාවේ නිර්දේශවල සඳහන් වන පරිදි එහි අනීතික ක්‍රියා සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සෘජුව සම්බන්ධ බව නියෝජ්‍ය අමාත්‍ය නීතීඥ සුනිල් වටගල පවසනවා.

ඉතිහාසයේදී, දේශපාලනය සිදුකළ වරදට ඇතැම් අයට ජීවිතවලින් වන්දි ගෙවීමට සිදුවූ බවයි අද (10) පාර්ලිමේන්තුවේ බටලන්ද කොමිෂන් සභා වාර්තාව සම්බන්ධයෙන් වන විවාදයට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

එදා එම දේශප්‍රේමී අරගලය වෙනුවෙන් දේශපාලනය සිදුකළ වරදට වන්දි ගෙවූ පිරිස් වෙනුවෙන් යුක්තිය හා සාධාරණත්වය ඉටු කරන බවද, සැබෑ අපරාධකරුවන්ට නීතියෙන් දඬුවම් ලබාදෙන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

එදා මෙම කුමන්ත්‍රණය සිදු කළේ රනිල් වික්‍රමසිංහ බවත්, ඔහු විසින් කුමන්ත්‍රණ සිදුකර ගෝනවල සුනිල් ලවා ගස්සවා, ඩග්ලස් පීරිස් ලවා ජනතා විමුක්ති පෙරමුණේ පිරිස් ඝාතනය කරවීමට කටයුතු කළ බවයි නි‍යෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

ඉතිහාසයේ සුදු සළුපිලි ඇඳගෙන මෙම ඝාතන දෙස බලා සිටි රනිල් වික්‍රමසිංහ, අද අල්ජසීරා නාලිකාවට ගොස් ‍බොරු ප්‍රකාශ කරන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: