hit counter

2024 ජූලි මස 26 වන සිකුරාදා

2023 අගෝස්‍තු 13, ප.ව. 8:27



ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායකට එරෙහිව අපරාධ චෝදනා ගොනු කරන ලෙස නීතිපති දෙපාර්තමේන්තුව ක්‍රීඩා අමාත්‍යාංශයේ ක්‍රීඩාවලට සම්බන්ධ වැරදි වැලැක්වීමේ විශේෂ පොලිස් විමර්ශන ඒකකයට නියෝග කර තිබෙනවා.

ඒ  ක්‍රීඩා අංක 24 පනතට  අදාළව ප්‍රමාණවත් කරුණු අනාවරණය වී ඇති බැවින්.

2020 වසරේ ලංකා ප්‍රිමියර් ලීග් පළමු තරගාවලියට සහභාගී වන ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනෙකුට ඩුබායි සිට දුරකථන ඇමතුම් මගින් ඔවුන්ව දුෂණ සහ වංචා සදහා පොළඹවා ගන්නට උත්සහ කළ බවට සචිත්‍රට චෝදනා එල්ල වුණා.

කෙසේ නමුත් සචිත්‍ර සේනානායක එම චෝදනා ප්‍රතික්ෂේප කර ඇති අතර තමාට අපහාස කිරීමට සහ මඩ ගැසීමට උත්සාහක් බවත් ඔහු පෙන්වා දෙනවා.

කෙසේ වෙතත්, විමර්ශන ඒකකයට ලැබුණු සාක්ෂි පරීක්ෂා කිරීමෙන් පසු නීතිපති දෙපාර්තමේන්තුව ක්‍රීඩා වැරදි වැලැක්වීමේ ඒකකයට දැනුම් දී ඇත්තේ විත්තිකරුගේ ජංගම දුරකථනය භාර ගැනීමට ඒකකයට බලය ඇති බවයි.

කෙසේ වෙතත් සේනානායක විසින් ඔහුගේ ජංගම දුරකථන දෙකක් විමර්ශන නිලධාරීන්ට භාර දී තිබුණද ඒවා ක්‍රීඩකයාට අයත් නොවන බව අනාවරණය වී තිබෙන බවත් ඔහු තමාගේම ජංගම දුරකථනය ඉදිරිපත් නොකර විමර්ශකයන් නොමග යවා ඇති අතර, සචිත්‍ර ක්‍රීඩකයින් සමඟ කළ සංවාද පිළිබඳ සාක්ෂි ICCයේ දූෂණ විරෝධී ඒකකය සතුව ඇති බව ආරංචි මාර්ග පවසයි.

දේශීය පරීක්ෂණයට අමතරව,ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී ඒකකය ද මේ සම්බන්ධයෙන් පරික්ෂණයක් සිදු කර තිබෙනවා.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ විරෝධී ඒකකයේ සාමාන්‍යාධිකාරී ඇලෙක්ස් මාර්ෂල් පසුගියදා දිවයිනට පැමිණි අතර එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන් සහ නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජිතයන් සමඟ සාකච්ඡා වට කිහිපයක් පවත්වා තිබෙනවා.

සචිත්‍ර සේනානායක 2021 මාර්තු මාසයේදී තරග පාවා දීමේ චෝදනා සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඇප අයදුම්පතක් ගොනු කළ නමුත් මහේස්ත්‍රාත්වරයා එය ප්‍රතික්ෂේප කොට තිබෙනවා.

2019 වසරේ ක්‍රීඩාවට අදාළ වැරදි වැළැක්වීමේ පනත බලාත්මක කිරිම මගින් ක්‍රීඩාවේ දූෂණ දඩුවම් ලැබිය හැකි වරදක් බව අනුමත වුණා.

නීතිය ක්‍රියාත්මක වීමෙන් පසු නඩු විභාගයට යන පළමු නඩුව ඔහුගේ නඩුව වනු ඇති.

වැරදිකරු බව ඔප්පු වුවහොත් ඔහුට ශ්‍රී ලංකා රුපියල් මිලියන 100 නොඉක්මවන දඩයකට හෝ වසර 10 කට නොවැඩි සිර දඬුවමකට හෝ දඩ සහ සිරදඩුවම් දෙකටම යටත් වනු ඇති.