2025 ජූලි 03, පෙ.ව. 1:39
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පළමු එක්දින ක්‍රිකට් තරගය ලකුණු 77කින් ජය ගන්නට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 49.2ක් තුළ ලකුණු 244ක් ලබා ගත්තේය.
නායක චරිත් අසලංක 5 වන එක්දින ශතකය ලබා ගනිමින් ලකුණු 106ක් රැස් කළේය.

කුසල් මෙන්ඩිස් ලකුණු 45 ක් ද, ජනිත් ලියනගේ ලකුණු 29ක් ලබා ගත්‍තා.
ශ්‍රී ලංකා කණ්ඩායමෙන් හිමි වූ ලකුණු 245ක ඉලක්කයට පිළිතුරු ලෙස බංග්ලාදේශයට පන්දුවාර 35.5කදී සියලු දෙනා දැවී රැස්කළ හැකිවූයේ ලකුණු 167ක් පමණි.

ජකර් අලි ලකුණු 51ක් හා ටැන්සිඩ් හසන් ලකුණු 62ක් ලබා ගත්තේය.
වනිඳු හසරංග ලකුණු 10ක් පමණක් ලබාදෙමින් කඩුලු 4ක් දවාගත්තේය.
මෙම කඩුලු 4 සමග ඔහු එක්දින කඩුලු 100යේ සීමාව පසු කරන්නට සමත් වුණා.

එමෙන්ම කමිඳු මෙන්ඩිස් ද කඩුලු 3ක් දවා ගත්තා.
මෙම ජයත් සමග තරග 3කින් යුත් තරගාවලිය තරග 1-0ක් ලෙස ශ්‍රී ලංකාව පෙරමුණ ගත්තේය.
2026 ජනවාරි 15, ප.ව. 11:18
2026 ජනවාරි 14, ප.ව. 9:48
2026 ජනවාරි 12, ප.ව. 9:48
2026 ජනවාරි 12, ප.ව. 12:48
2026 ජනවාරි 11, පෙ.ව. 8:21