2025 මාර්තු 09, පෙ.ව. 12:17
146වන නිල් මහා සටන ක්‍රිකට් තරගය කඩුලු 5කින් ජය ගැනීමට ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය සමත් විය.
කොළඹ SSC පිටියේදී පැවැතුණු මෙම තරගයේ ප්‍රථම ඉනිම ක්‍රීඩා කළ රාජකීය විද්‍යාලය කඩුලු 7කට ලකුණු 319ක් ද, ශාන්ත තෝමස් කණ්ඩායම පළමු ඉනිමට ලකුණු 302ක් ද ලබා ගත්හ.
රාජකීය කණ්ඩායම වෙනුවෙන් රෙහාන් පිරීස් ලකුණු 158ක් ද, ශාන්ත තෝමස් කණ්ඩායම වෙනුවෙන් දිනෙත් ගුණවර්ධන ලකුණු 119ක් ද ලබා ගත්තා.
රාජකීය කණ්ඩායම දෙවන ඉනිම වෙනුවෙනු කඩුලු 8ට ලකුණු 215ක් ලබා ඉනිම අත් හිටුවිය.
මෙම ඉනිමේදී ඩෙරියන් දියෙගෝ කඩුලු ත්‍රිත්වයක් දවා ගත්තේය.
ජයග්‍රහණයට හිමි වූ ලකුණු 233 කඩුලු 5ක් දැවී පසු කළ ශාන්ත තෝමස් කණ්ඩායම 2019 වසරෙන් පසු නිල් මහා සටන ජය ගත්තේය.
තරගය ජයගත් ශාන්ත තෝමස් විද්‍යාලය ලබන සඳුදා දිනය සම්ප්‍රදායික ලෙස නිවාඩු දිනක් ලෙස නම් කර තිබේ.
2025 සැප්‍තැම්‍බර් 08, ප.ව. 6:26
2025 සැප්‍තැම්‍බර් 08, පෙ.ව. 10:36
2025 සැප්‍තැම්‍බර් 07, ප.ව. 12:03
2025 සැප්‍තැම්‍බර් 07, පෙ.ව. 11:10
2025 සැප්‍තැම්‍බර් 03, ප.ව. 11:40