2025 අප්‍රේල් 01, පෙ.ව. 12:01
2025 IPL තරගාවලියේ ප්‍රථම ජය මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම වාර්තා කළේය.
ඔවුන් හමුවේ කඩුලු 8කින් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම පරාජය විය.
මෙම තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට පන්දුවාර 16.2කදී ලබා ගත්තේ ලකුණු 116ක් පමණි.
මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පන්දුවාර 12.5කදී කඩුලු 2ට ලකුණු 121ක් ලබා තරගය ජය ගත්හ.

ඊයේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම පරදා ලකුණු 6ක ජයක් ලැබීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමත් විය.
මෙම තරගයේ වනිඳු හසරංග රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම වෙනුවෙන් ලකුණු 35කට කඩුලු 4ක් දවා ගත්තේය.

ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම පන්දුවාර 20දී කඩුලු 9ක් දැවී ලකුණු 182ක් ලබා ගත්තා.

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට පන්දුවාර 20දී කඩුලු 6ක් දැවී ලබා ගත්තේ ලකුණු 176ක් පමණි.
චෙන්නායි කණ්ඩායම වෙනුවෙන් මතීෂ පතිරණ ලකුණු 28කට කඩුලු 2ක් දවා ගන්නට සමත් වුණා.

2026 පෙබරවාරි 04, පෙ.ව. 1:35
2026 පෙබරවාරි 02, ප.ව. 1:38
2026 පෙබරවාරි 02, ප.ව. 1:09
2026 ජනවාරි 31, ප.ව. 8:55
2026 ජනවාරි 30, පෙ.ව. 8:47