hit counter

2026 ජූලි මස 09 වන බ්‍රහස්පතින්දා

2026 මාර්තු 27, ප.ව. 10:48



හෙට ආරම්භ වන ඉන්දීය ප්‍රිමියර් ලීග් T 20 තරගාවලියේ RCB කණ්ඩායම සමග එක්වීම නුවන් තුෂාරට තවදුරටත් පමා වී තිබේ.

ඒ ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් සමත් වීමට නුවන් තුෂාර අවශ්‍ය ලකුණු ප්‍රමාණය ලබා ගැනීමට නොහැකි වීම නිසාය.

මෙම ශාරීරික යෝග්‍යතාව නොමැති කිසිඳු ක්‍රීඩකයෙකුට IPL තරගාවලියට සහභාගිවීමට අවස්ථාව ලබා නොදීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.

නුවන් තුෂාර RCB කණ්ඩායම සමග ඉන්දියා රුපියල් කෝටි 1.6ක මුදලකට ගිවිසුම් ගතව තිබෙනවා.