hit counter

2026 මාර්තු මස 01 වන ඉරිදා

2026 මාර්තු 01, ප.ව. 10:07



T 20 ලෝක කුසලානයේ පාකිස්ථානය එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 5ක පරාජයක් අත්විඳ ගත්තේය.

මෙම තරගයේ ප්‍රථමයෙන් පහර දුන් පාකිස්ථාන කණ්ඩායම පන්දුවාර 20 අවසානයේදී කඩුලු 8ක් දැවී ලකුණු 212ක් ලබා ගත්තේය.

සහිබ්සාඩා ෆර්හාන් ලකුණු 100ක් හා ෆකර් සමාන් ලකුණු 84ක් ලබා ගත්තේය.

ජයග්‍රහණය සඳහා ලකුණු 213ක ඉලක්කයක් හඹා ගිය  ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේදී කඩුලු 6ක් දැවී රැස්කර ගැනීමට හැකිවුණේ ලකුණු 207ක් පමණි.

පවන් රත්නායක පන්දු 37කින් ලකුණු 58යි.

දසුන් ශානක පන්දු 31කින් නොදැවී ලකුණු 76ක් රැස්කළේය.

තරගයේ අවසන් පන්දුවාරයේදී ජයට ලකුණු 28ක් ලබා ගතව තිබුණු අතර දසුන් ශානක හයේ පහර 3ක්, හතරේ පහරක් සමග ලකුණු 22ක් ලබා ගත්තත්,ශ්‍රී ලංකාව ජය කරා රැගෙන යෑමට නොහැකිවිය.