2025 ජූනි 03, පෙ.ව. 8:15
ඉන්දියානු ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය හෙවත් IPL තරගාවලියේ අවසන් තරගය අහමදබාද්හි නරේන්ද්‍ර මෝදී ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබේ.
තරගය රාත්‍රී 7.30ට ආරම්භ වෙයි.
අවසන් තරගයේදී රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු හා පංජාබ් කිංග්ස් කණ්ඩායම තරග වදී.
මෙම කණ්ඩායම් දෙකම මෙතෙක් IPL ශූරතාවක් දිනා ගෙන නොමැත.
RCB කණ්ඩායමට ශ්‍රී ලංකා ක්‍රීඩක නුවන් තුෂාර ක්‍රීඩා කළත් ඔහු අවසන් තරගයට අද බොහෝදුරට ක්‍රීඩා නොකරනු ඇත.

Playoff 1 තරගයේදී පංජාබ් කිංග්ස් කණ්ඩායම පරාජය කරමින් රෝයල් චැලෙන්ජර්ස් කණ්ඩායම අවසන් තරගයට පිවිසියේය.
Playoff 3 වන තරගයේදී මුම්බායි කණ්ඩායම පරාජය කරමින් පංජාබ් කිංග්ස් කණ්ඩායම යළි අවසන් තරගයට පිවිසීමට සමත් විය.
2026 පෙබරවාරි 04, පෙ.ව. 1:35
2026 පෙබරවාරි 02, ප.ව. 1:38
2026 පෙබරවාරි 02, ප.ව. 1:09
2026 ජනවාරි 31, ප.ව. 8:55
2026 ජනවාරි 30, පෙ.ව. 8:47