hit counter

2025 මාර්තු මස 12 වන බදාදා

2022 මැයි 24, ප.ව. 5:07



බංග්ලාදේශයේ පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට සහභාගි වී සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කමිල් මිෂාර නැවත ශ්‍රී ලංකාව වෙත කැඳවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරමින් පවසන්නේ විනය විරෝධී හැසිරීම හේතුවෙන් ඔහු මෙලෙස තරග සංචාරක ගිවිසුම අවලංගු කර නැවත ශ්‍රී ලංකාව වෙත කැඳවන බවයි.

යළි දිවයිනට පැමිණීමෙන් අනතුරුව ඔහුට එරෙහිව එල්ලවී ඇති විනය විරෝධී චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකර ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට නියමිතව තිබෙනවා.

ක්‍රීඩකයන් රැදී සිටි මීර්පූර්හි හෝටලයේ කාමරයට අනවසරයෙන් කාන්තාවක් කැඳවාගෙන ඇති බවට එම ක්‍රීඩකයාට චෝදනා එල්ල වී තිබෙන බව වාර්තා වනවා.