hit counter

2026 පෙබරවාරි මස 03 වන අඟහරුවාදා

2025 අගෝස්‍තු 25, ප.ව. 7:03



වයස අවුරුදු 15 න් පහළ අන්තර් පාසල් පළමු කොටසේ ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට කොළඹ ශාන්ත ජෝශප් විද්‍යාලය සමත්වුණා.

ශාන්ත ජෝෂප් විද්‍යාලය මෙම ශූරතාව දිනාගත්තේ වසර 15 කට පසුව වීම කැපී පෙනෙයි.

කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාල ක්‍රීඩාංගණයේදී  පැවති අවසන් තරගයේදී රත්ගම දේවපතිරාජ විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේ ජයග්‍රහණයක් ලබාගනිමින් ශාන්ත ජෝශප් විද්‍යාලය ශූරතාව දිනාගනු ලැබුවා. 

ශාන්ත ජෝෂප් ක්‍රීඩකයන් අවසන් වරට 15 න් පහළ පළමු කොටසේ ශූරතාව දිනාගෙන ඇත්තේ 2010 වසරේදීයි.

මෙම තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ශාන්ත ජෝසප් විද්‍යාලය ලකුණු 200ක් රැස්කළ අතර පළමු ඉනිම ක්‍රීඩා කළ රත්ගම දේවපතිරාජ විද්‍යාලය ලබා ගත්තේ ලකුණු 72ක් පමණි.