hit counter

2025 ඔක්‍තෝබර් මස 30 වන බ්‍රහස්පතින්දා

2025 අගෝස්‍තු 20, ප.ව. 8:33



දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන යුද හමුදා මලල ක්‍රීඩා තරගාවලියේදී මීටර් 5 ක් සහ සෙන්ටිමීටර 18ක උසක් සම්පූර්ණ කරමින් ශ්‍රී ලංකා යුද හමුදා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු බලකායේ ලාන්ස් කෝප්‍රල්  අරුන්තවරාසා පුවිතරන් රිටි පැනීමේ ඉසව්වෙන් නව  ශ්‍රී ලංකා වාර්තාවක් පිහිටුවීමට සමත් විය.

මෙම ජයග්‍රහණයත් සමඟ රිටි පැනීමේ ඉසව්වෙන් ශ්‍රී ලංකා යුද හමුදා වාර්තාව සහ ශ්‍රී ලංකා යුද හමුදා මලල ක්‍රීඩා තරගාවලි වාර්තාව යන වාර්තා දෙකම තමන් සතු කර ගැනීමට පුවිතරන් සමත් වුණා.