2025 ජූලි 17, පෙ.ව. 7:41
ශ්‍රී ලංකාවට එරෙහිව පළමුවරට T20 තරගාවලියක් ජයක් ලබන්නට බංග්ලාදේශ කණ්ඩායමට හැකිවිය.
ඒ ශ්‍රී ලංකාව සමඟ පැවති තුන්වැනි සහ අවසන් T20 තරගය කඩුලු 8කින් ජයගැනීමත් සමඟය.
ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 132ක් ලබා ගත්තේය.
යළි අසාර්ථක වූ කුසල් ජනිත් පෙරේරා ඔහු මුහුණ දුන් පළමු පන්දුවෙන්ම දැවීගියේය.
පැතුම් නිස්සංක ලකුණු 46ක් රැස් කළේය.
දසුන් ශානක නොදැවී ලකුණු 35යි.

ලකුණු 133ක ඉලක්කයක් හඹායාම සඳහා පිවිසි බංග්ලාදේශය පන්දුවාර 16.3කදී කඩුලු 2ක් දැවී නියමිත ඉලක්කය සපුරා ගත්තේය.
ලිටන් දාස් ලකුණු 32ක් රැස්කළේය.
බංග්ලාදේශ කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගිය ටැන්සිඩ් හසන් නොදැවී ලකුණු 73ක් රැස්කළා.

ඒ අනුව කඩුලු 8කින් තරගය ජයගත් බංග්ලාදේශය T20 තරගාවලිය තරග 2ට 1ක් ලෙස ජයගැනීමට සමත් වුණා.
2026 පෙබරවාරි 04, පෙ.ව. 1:35
2026 පෙබරවාරි 02, ප.ව. 1:38
2026 පෙබරවාරි 02, ප.ව. 1:09
2026 ජනවාරි 31, ප.ව. 8:55
2026 ජනවාරි 30, පෙ.ව. 8:47